Tuesday, August 9, 2011

මේ තරම් සතුටක්‌ දැනුනෙ නෑ කවදාවත්ම...


කොයිතරම්නම් කාලයක්‌ අපි පෙරුම් පිරුවද වස්‌තුවෙ මේ දවස උදා වෙනකම්..නොකා නොබි නිදි වරා ගෙවුව පැය අනන්තයි..ඇස්‌වල කදුලු නොතිබුන වෙලාවක්‌ නැති තරම්,අද අපිව අඩවපු කදුලු පරදලා අපි හිනා වෙනවා,,ඒ අපේ උතුම් ආදරය අපිට සින්නකරේටම අයිති උන හින්දා..මට මේ ලොකෙටම ඇහෙන්න,අපිට එකතු වෙන්න ලැබෙන්නෙ නැ කිවුව අයට ඇහෙන්න කෑගහල කියන්න හිතෙනව මගෙ වස්‌තුවෙ,අද අපි අපේ වෙලා අපේ ලෝකෙ අද අපිට ලැබිල කියලා..ආත්ම ගානක්‌ පෙරුම් පුරල ලබාගත්ත හිනාවක්‌ වගේ මට දරාගන්න බැරි තරම් සතුටයි අද..අඩන්නද හිනා වෙන්නද මට තෙරේන්නෙ නැ මගෙ වස්‌තුවෙ..
මේ බලන්න අපේ සතුට අහසටත් දැනිලා එයා අපිට අශිර්වාද කරනවා..හිනාවෙන්න මගෙ වස්‌තුවෙ හිනා වෙන්න තව ගොඩාක්‌ හයියෙන් හිනාවෙන්න ඒ ගෙවුව කටුක ජීවිතේ අමතක වෙනකම්ම හිනා වෙන්න..
මම පොරොන්දු වෙනව වස්‌තුවෙ අද ඉදන් ඔය ඇස්‌ වලින් වැටෙන්නෙ දෙන්නෙ සතුටු කදුලු විතරමයි..මට ඕන ඔය හිනාව ඔය ආදරේ විතරමයි ඒකයි මේ ආදරේ ජය ගන්න මම මේ තරම් පොර බැදුවෙ...ඔයා ඔයවගේම හිනා වෙලා හැමදාම මන් ගාවටම වෙලා ඉන්න මේ වගේ...ම ආදරෙන්.
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි....

1 comment: