Tuesday, August 23, 2011

මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ....


මම අද ගොඩාක්‌ සතුටින් මගෙ වස්‌තුවෙ ඒ වෙන කා නිසාවත් නෙමෙ මගෙ රත්තරන් මැණික නිසා...මම දන්නව ඔය තරම් ආදරයක්‌ ඔයාගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් මට ලැබෙන එකක්‌ නෑ,මටත් බැරි වෙයි මේ තරම් ආදරේ කරන්න වෙන කාටවත්ම...

Tuesday, August 9, 2011

මේ තරම් සතුටක්‌ දැනුනෙ නෑ කවදාවත්ම...


කොයිතරම්නම් කාලයක්‌ අපි පෙරුම් පිරුවද වස්‌තුවෙ මේ දවස උදා වෙනකම්..නොකා නොබි නිදි වරා ගෙවුව පැය අනන්තයි..ඇස්‌වල කදුලු නොතිබුන වෙලාවක්‌ නැති තරම්,අද අපිව අඩවපු කදුලු පරදලා අපි හිනා වෙනවා,,ඒ අපේ උතුම් ආදරය අපිට සින්නකරේටම අයිති උන හින්දා..මට මේ ලොකෙටම ඇහෙන්න,අපිට එකතු වෙන්න ලැබෙන්නෙ නැ කිවුව අයට ඇහෙන්න කෑගහල කියන්න හිතෙනව මගෙ වස්‌තුවෙ,අද අපි අපේ වෙලා අපේ ලෝකෙ අද අපිට ලැබිල කියලා..ආත්ම ගානක්‌ පෙරුම් පුරල ලබාගත්ත හිනාවක්‌ වගේ මට දරාගන්න බැරි තරම් සතුටයි අද..අඩන්නද හිනා වෙන්නද මට තෙරේන්නෙ නැ මගෙ වස්‌තුවෙ..
මේ බලන්න අපේ සතුට අහසටත් දැනිලා එයා අපිට අශිර්වාද කරනවා..හිනාවෙන්න මගෙ වස්‌තුවෙ හිනා වෙන්න තව ගොඩාක්‌ හයියෙන් හිනාවෙන්න ඒ ගෙවුව කටුක ජීවිතේ අමතක වෙනකම්ම හිනා වෙන්න..
මම පොරොන්දු වෙනව වස්‌තුවෙ අද ඉදන් ඔය ඇස්‌ වලින් වැටෙන්නෙ දෙන්නෙ සතුටු කදුලු විතරමයි..මට ඕන ඔය හිනාව ඔය ආදරේ විතරමයි ඒකයි මේ ආදරේ ජය ගන්න මම මේ තරම් පොර බැදුවෙ...ඔයා ඔයවගේම හිනා වෙලා හැමදාම මන් ගාවටම වෙලා ඉන්න මේ වගේ...ම ආදරෙන්.
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි....

Saturday, August 6, 2011

අනේ ඇයි අපිට මෙහෙම වුනේ රත්තරන්...

ඔයා හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා පිස්‌සි ඒකනම් කවදාවත් වෙන්නෙ නැ වස්‌තුවේ..මොකද ඔයාට තියන ආදරේ කොච්චරක්‌ද කියලා ඔයා තියා තාම මමවත් දන්නෙ නැති නිසා..

Friday, August 5, 2011


ඔයා මගේ ලගින් ගියත් කවදාවත් මට හිතුනේ නැහැ මo තනිවෙලා කියලා,,,මම වෙනදා වස්‌තුට කතා කරන වෙලාවට හිතින් කතා කරන්නම්..මම බත් කටක්‌ කැවත් වස්‌තුට ඉස්‌සෙල්ලම කවලා කන්නම්,,,උදේම නැගිට්‌ට ගමන් වෙනදා වගේ කෝල් කරලා නළල ඉබලා සුබ පතන්නම්,,,මේ හැමදේම කරලා,,නිදාගන්න කලින් බුදුන් වැදලා..අහිංසක ප්‍රාර්තනාවක්‌ කරන්නම්,,මතු බවයේදිනම් මගේ රත්තරන්ව මගෙන් ඇත් නොවෙන්න.
මේ නිර්මාණය හිමිකරු:- Amore Tiamo