Tuesday, August 23, 2011

මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ....


මම අද ගොඩාක්‌ සතුටින් මගෙ වස්‌තුවෙ ඒ වෙන කා නිසාවත් නෙමෙ මගෙ රත්තරන් මැණික නිසා...මම දන්නව ඔය තරම් ආදරයක්‌ ඔයාගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් මට ලැබෙන එකක්‌ නෑ,මටත් බැරි වෙයි මේ තරම් ආදරේ කරන්න වෙන කාටවත්ම...

ආදරේ මේ වගෙයි කියල විස්‌තර කරන්න බැරි උනාට ඔයාගෙ ආදරේ මෙහෙමෛ කියල අඩුවක්‌ දැනිලා නෑ මට..මතකද ඉස්‌සර අපි මෙතනට ආවහම වැටෙන තරුවලින් ඉල්ලන්න අපිට ගොඩාක්‌ දේවල් තිබුන එත් අද තරු කඩා වැටෙද්දි අපි දෙන්න මූනෙන් මූන බලා ගන්නෙ අපි ඉල්ලුව හැම දේම දැන් අපේ ඇස්‌ ඉදිරියේ තියෙන නිසයි...ඔයාට මන් වගේම මටත් මගෙ සතුට ලැබිල ඉවරයි..අපිටත් අදුරු අතීතයක්‌ නොතිබුනාම නෙමෙයි,ඒත් ඒ හැම අභියෝගෙම ජය ගන්න ඔයා ශක්‌තියක්‌ව හිටිය මා ලගින්ම..අදුරු අතීතය බිදගන ආපු ඒ වසන්ත කාලය හැමදාමත් අපිත් එක්‌ක තියේවි,අද වගේම මේ තරම් දුරක්‌ එන්න එදත් ලොකු ශක්‌තියක්‌ උනා අපිට අපේ ආදරේ..ඔයා මාව විශ්වාස කල තරමටම මාත් ඔයාව විශ්වාස කලා එකයි මේ ආදරේ රැකෙන එකම රහස උනේ මගෙ වස්‌තුවේ..ඔය ආදරේ උනුහුමට තුරුල් වෙද්දි දැනෙන සහල්ලුව කියා ගන්න වචන නෑ මට,මගෙ ජීවිතයට හිතා ගන්නවත් බැරි තරම් ආදරයක්‌ ලන් කරල මේ ජීවිතේ මේ තරමටම සුන්දර කලේ ඔයයි මගෙ රත්තරන්..මම ඔයාට ණයගැතියි මේ තරම් මගෙ ජීවිතේ ලස්‌සනට පිලිවෙල කලාට ඒ ණය ගෙවන්න ජිවිත කාලය පුරවටම ඔය ඇස්‌ වලින් කදුලක්‌ නොවැටෙන්න මම වග බලා ගන්නවා..පැයෙන් පැය තත්පරෙන් තත්පරේ වැඩි වෙන මගෙ ආදරේ තරමටම මම ඔයාව රැක ගන්නවා..
ඇත්තටම ඔයා පය ගහල දිව්‍යලෝකයකටත් වඩා ලස්‌සන කලේ අපායක්‌ වෙන්න තිබුන ජීවිතයක්‌ මගෙ වස්‌තු මම ඔයාට හැමදාම ආදරෙයි..
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි....

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t