Friday, August 5, 2011

මන් දුන් ආදරය මදි උනාවත්ද...


මගෙ හිතේ ඔයා වෙනුවෙන් ආදරයක්‌ ඇති කරන්න ඔයා නොකල දෙයක්‌ නැ කියල මම දන්නවා..ඒ හැම දේම අවසානයේ මගෙ අපරිමිත ආදරය පූජකල ඒ දවස මතකද ඔයාට එදා අපි දෙන්නගෙම හිත් සන්තොසෙන් පිරීල තිබුනා
වැඩියෙන්ම,ඔයාගෙ..ජීවිතේ පතන හැම දේම නොලබුනාට මම මහා උසට බලාපොරොත්තු ගොඩගහල තිබුන ඔයාගෙ ආදරේ ගැන ගොඩාක්‌ විශ්වාස කලා..මන් වෙනුවෙන් මේ තරමටම කැපවීම් කල ඒ ආදරය මට දරාගන්න බැරි තරම් වේදනාවක හෙවනැල්ලක්‌ ගෙනෙයි කියලා මට නොහැගුන එකේ වරදක්‌ නැ මොකද මගෙ හිතේ ආදරයක්‌ ඇති කරලා ඒ ආදර රැක ගන්න දරපු වැයම මන් විතරක්‌ නෙමේ අපේ ආදරයට ආසිරි ගෙනාව හැමෝම දැක්‌ක,ඒත් කවුරුවත් හිතුවෙ නැ ඒ හදින්ම ඒ අදරයට මේ තරම් අසාධාරනයක්‌ වෙයි කියලා..
දැන් මොනදේ කිවුවත් ඒ ආදරේ දැන් මගෙන් වෙන් වෙලා ඉවරයි කියල මම දන්නව..හදවතේ නලියන ඒ වේදනාව ඇස්‌වලින් පිට කරල අරිනව ඇරෙන්න අද මට කරන්න වෙන දෙයක්‌ ඉතුරු වෙලා නැ.
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි......

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t