Monday, July 18, 2011

"මාව මේ විදියට ජීවත් කරන්නේ ඔයාගේ ආදරේ...

ආදරේ කියන්නෙ ජීවිතයක්‌ ඇති කරන්න වගේම නැති කරන්නත් පුලුවන් අපූරු ආයුධයක්‌..ඔයා දුන්න ඒ ආදරේටත් පුලුවන් උනා ඒ වෙනස්‌කම් දෙකම මගෙ ජිවිතේට ලන් කරන්න..සුලගටවත් නොසෙලවෙන රූස්‌ස ගහක්‌ එක පාරටම බිම වැතිරුනා වගේ මගෙ ජීවිතෙත් නොසිතූ මොහොතක කඩා වැටුනෙ ඔය ඇස්‌ ඉස්‌සරහදිමයි..
එදා දුකේ සෙවනැල්ලක්‌වත් වැටෙන්න දුන්නෙ නැති ඔයාට අද මන් ලගට සතුට බිදක්‌වත් ලන් කරන්න බැරි වෙලා,ඒ වචනෙ පවා අමතකවෙන තරමට දුක මට ලන් වෙලා..මගෙ සතුට නැති කරල මට ජීවිතේ එපා කරපු වැරදිකාරයා ඔයා කියල ඔයාට වරද පටවලා මට වැරදිකාරියක්‌ වෙන්න බැ මොකද ඒ සතුට හරි මට දුන්නෙ ඔයා නිසා අද මම මේ විදියට හරි සැනසෙන්නෙ අපේ ඒ අතීත මතකයන් නිසයි..මම දන්නෙ නැ ඔයා ඇයි මගෙන් හිටි ගමන් ඇත් උනේ කියල මම කරපු වරද මොකද්ද කියලවත් මට කියල ගියානම් මේ තැවෙන හිත බිදක්‌ හරි සනසගන්න තිබුනා..ඒත් මට විස්‌වාසයි  රත්තරනෙ ඔයා කවදාකම හරි ආයෙත් එනවා කවදාකම හරි ඒකයි මේ ඇස්‌ තාමත් ඒ විශ්වාසය පුරෝගන මග බලාගන ඉන්නෙ.ඒ එන දවසට දෙන්න ඔයා දාල ගිය මේ කෙල්ලගෙ ආදරේ ඔයා වෙනුවෙන්ම පරිස්‌සම් කරල තියන් ඉන්නවා....


මේ නිර්මාණය හිමිකරු :- මම තවම ආදරෙයි..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t