Wednesday, July 20, 2011

මේ ආදරේ ඔයාටමයි....




ඔයාට මතකද රත්තරන් මම ඉස්‌සර ඔයාගෙන් මට කොච්චරක්‌ ආදරේද අහද්දි හරියට පොඩි බබෙක් වගේ  ඔයාගෙ ඔය පුංචී අත් දෙක දෙපත්තට විහිදුවල මිටත් වඩා කියනවා.
ඒ කොහොම කිවුවත් මම දන්නව වස්තුවෙ ඔයාගෙ ආදරේ ඔය අත් වල මිම්මෙම මනින්න බැරි බව,අපි ගිය හැම තැනකින්ම අපේ ආදර මතක සටහන් විදියට ඔයා එකතු කරපු ගස් වල කොල මල් ඔයා ගාව
ගොඩාක් තිබුන මට ඒව දකිද්දි ආදරේ වැඩි කමට ඇස් වලට කදුලුත් එනවා....

ආ...දවසක් මතකද පැන්චියේ නෙලුම් මල් වලට ආස හිතුන ඔයාට මල් කඩන්න වැවට බැස්ස මම බොරුවට ගිලෙන්න යනවා කියල කැ ගහද්දි පිනන්නත් බැරි ඔයා මාව 
බේරගන්න වතුරට පැන්න, එදානම් මට වාවගන්න බැරි උනා ඔය රත්තරන් ආදරේ දැනිල..මන් කොයිතරම්නම් වාසනාවන්තද කියල දැනුන වෙලාවල් අපමණ උනාට එදා තමා
දැනුනෙ ඒ වාසනාවෙ තරම කොයි තරම්ද කියලා.
ඒ නිසයි වස්තුවෙ සදහටම ඔයාව මා ගාවට ගත්තෙ..අද මම දරන්න බැරි තරම් ආදරයක් සතුටක් විදිනව ඒක දුන්නෙ වෙන කවුරුවත්ම නෙමේ ඔයයි වස්තුවෙ, ඉතින් ඒ මැණික මම 
පණ වගේ ආත්ම ගානක් රැක ගන්නව කියල පොරොන්දු වෙනවා, සත්තයි සන්සාරෙ පුරාවටම මේ ආදරේ ඔයාටමයි....

මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි..

1 comment: