Thursday, July 21, 2011

ඔබට නොදැනුන මගේ ආදරය...


දහසක් ප්‍රාර්තනා හිතේ තද කරගන දවස පුරම ඇස් පාරෙම තියාගන හිටියෙ ඔය සුදු මූන දැක්ක ගමන්ම මගට දුවන් ඇවිත් ඔය අතැගිලිවල පැටලිලා මෙච්චර කාලයක් හිතෙ හිර කරන් හිටිය යාලුකමට මුවා වුන මගෙ අහින්සක ආදරය ඔයාගෙ ඇස් ඉස්සරහ දිග අරින්න..හවස් වෙනකම් මම මග බලන් හිටිය ඒත් ඔයා ආවෙ නැති හේතුව දැන ගත්තෙ ඔයා ඒ වෙලේ මට එවුව ලිවුමෙන්..
සතුටින් දිග අරුන ලිවුම කියවගන යද්දි මටත් නොදැනිම මගෙ ඇස් කදුලින් පිරුනෙ ඒ ලිවුමෙ තිබුන වචන මගෙ ආදරෙ හිතක් පපුවක් නැති කෙනෙක් වගේ මරල දැම්ම නිසයි..හිතෙ තෙරපුන ආදරෙ වේදනාවෙන් ඒ ලිවුම මගෙ අතට ගුලි උනා,ඔයාට නොදැනුන මන් දුන්න ආදරය මතක් වෙන හැම වාරෙම මගෙ පපුව හිරවුනා වස්තුවෙ.. මගෙ ඇස් වලින් ගැලුව ඒ කදුලු අනිත් අයට කුතුහලයක් උනාට ඔයාට නොතේරුනෙ කොහොමද රත්තරනෙ
මේ හිත ඔයාව යාලුවෙක් විදියට විතරක් පිලිගන්න අදි මදි කලා කියලා..
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t