Tuesday, July 26, 2011

"පිදූ සෙනෙහස නුඹට මම.....

ජය ශ්‍රී මහා බෝ සමිදුට සුදු නෙලුම් මල් දෙකක් පූජා කරලා මම පැතුවේ ජීවිතේ හැමදාම ඔයා ලග ගොඬක් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා..... දවසක ඔයත් එක්ක ඇවිත් මේ වගේම ඔයත් එක්කම මට මල් පූජා කරන්න ලැබෙන්න කියලා....
එදා ගිනි මද්දහනේ මහා සෙනග ගොඩේ තෙරපි තෙරපි ගිහින් ඔයාට ගත්තු පිරිත් නූල තාමත් මගෙ ලග අයියෙ....මම හිතුව එහෙම දුක් විදලා අමරුවෙන්...ඒත් ගොඩක් සතුටින් ආදරෙන් ඔයා වෙනුවෙන් කරන දෙයින් මගෙ ආදරේ වටිනාකම තවත් ගොඩක් වැඩි වෙයි කියලා...ඔයා වෙනුවෙන් මගේ හිතේ බොළද,හුරතල් ඒත් මහමෙරක් වගේ ලොකු හරිම ලස්සන ආදරයක් තියෙන්නෙ අයියෙ....මම ඔයාගෙ ආදරේ ලග කොච්චර බැතිබර වුනාද,ඒ ආදරේ කොච්චර පරිස්සමට රැක්කද,ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නෙ නෑ මගෙ අයියෙ...ඒත් ජය ශ්‍රී මහ බෝ සමිදු,සුදු නෙලුම් මල්, ඔයාගෙ පිරිත් නූල විතරක් නෙමේ එදා හමපු සුළග පවා දැන් දන්නව මම ඔයාට ගොඩාක් ආදරෙයි කියල.....මගෙ අවාසනාවට ඒ කිසිම දේකට කතා කරන්න බෑ මගෙ අයියෙ...කතා කරන්න පුලුවන් වුනානම් කියයි ඔයා ලගට ඇවිත් මේ පුංචි කෙල්ල ඔයාට මොනතරම් ආදරෙයිද කියලා...


මේ නිර්මාණය හිමිකරු:- Darshika Navodani Rajapaksha

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t