Monday, July 25, 2011

|සුරංගනාවියක් වගේ ලස්සන ඔය මුහුණ පුන් සදක් වගේ අහිංසකයි |

ඔයාට මලක් වෙන්න ඕනිද....
එහෙනම් මට නටුව වෙන්න දෙන්න
එතකොට.... මට.... ඔයත් එක්කම පිපිලා ඉන්නට
පුළුවන්.......
ඔයත් එක්ක දවසක පරවී වැටෙන්නත් පුළුවන්
හිතන්න......

ඔයාගෙන් තොරව මටත්......
මගෙන් තොරව ඔයාටත්
ජිවිතයක් නෑ.....
පැවැත්මත් නෑ......
ආත්මයක් නෑ........
හරියට..... මලකින් තොරව නටුවකට ජිවිතයක් නෑ වගේ
නටුවකින් තොරව මලකටත් ජිවිතයක් නෑ වගේ

ඕන නම් සමනලයෙක් වෙන්නත් පුළුවන්
ඔයත් කියාවී එහෙම ලස්සනයි කියලා
ඒත්..... මලෙන් මලට රොන් ගෙන යන
පිපී සැලෙනා විට ඔයා ළගටත් එන.....
පරවී ගියදාට තවත් මලකට යන
සමනළයෙක්වද ඔයාටත් ඕන......

ඔයත් එක්කම ඉපදිලා
ඔයත් එක්කම පරවෙන්නයි
මගේ පැතුම....
ඒ නිසා මලේ නටුවම වෙන්න දෙන්න
මේ ජිවිතය.... ඔයා ඉන්නතුරු තිබ්බාම මට ඇති
ඔයා පරවී ගිය දාකට
පණක් තිබුණත් මට
ජිවිතයක් නැහැ නේද?

මේ නිර්මාණය හිමිකරු:Dinesh Sanjaya

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t