Friday, July 29, 2011

අපි අපිට තැගි වෙනවට වඩා අපි අපිට පූජා වෙමු...


ආදරයයි මරණයයි හමුවෙන්නෙ නොහිතපු වෙලාවක නිසාම ඒකට මූන නොදී ඉන්න පුලුවන් වෙන්නෙ කාටද අන්න ඒක නිසාමයි ඔයා ගෙනාපු ඒ ආදරය දෝතින්ම වැලදගන්න මට සිද්ධ උනේ..
හිත ලග නැවතුන ආදරය සදහටම අපේ කරගන්න පුලුවන්නම් කියල මවපු හීන කරපු ප්‍රර්තනා අද සැබැ වෙලා...
නොදැනුවත් කමට කරපු පුංචි පුංචි මුරන්ඩුකම් හෙමින් සීරුවේ ආදරයකට පෙරල ගත්තු ඔයා නොසිතූ ලෙස මගෙ ජීවිතයට ඇවිත් බිහි කල හීන සැබැ කල අපුරුව මට හිතා ගන්නත් බැ,,ඇත්තටම මම දැනන් හිටියෙ නැ ඔයා ගෙනපු ජීවිතය මේ තරම්නම් ලස්‌සනයි කියල ඒත් මේ විදියට අතැගිලි බැදෙද්දියි දැන  ගත්තෙ ඒ ආදරේ තරම කොච්චරක්‌ද කියලා..
නොදැක ඉන්න බැරි තරම් මවපු හීන සියැසින් දැක බලා ගන්න නොගත් වීර්යක්‌ නැ අපි..ආදරයෙ හීන මත දුවන අයෝමය ශක්‌තියට මහාමේරුවත් සිහින් දූවිලි ගානට පත් කරවන්න පුලුවන්නම් ජීවිතයත් ආදරයත් සතුටින් ගැට ගසාගන්න බැරි නැ කියල මට ඉගැනුවෙ ඔයා..ඉතින් ඒ විශ්වාසය මම ධෛර්යක්‌ කර ගත්තෙ ඔයත් එක්‌ක මේ ජීවිත කලෙම නොසැලී ඉන්න හිතාගනයි..
සසර වාසනාවට සුසර කල ආදර කතාවක්‌ ජීවිතයේ ප්‍රාර්තනා අතර හුදකලා වෙන්න නොදී මේ විදියට දැගිලි පැටලුනේ දෛවයේ උරුමයක්‌ නිසාමයි..ඉතින් ඒ දෛවයේ උරුමය ආත්ම ගානකට ඔයාගෙම නමට ලියා දුන්නෙ ඒ ආදරේ පූජණීය නිසාමයි..
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t